slc
logo
Home   |    News
මැයි 4, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි

sinhala editor

අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. මේ තරගාවලියේ ‘ඒ‘ කොටසට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම කොටසට අයත් කණ්ඩායම් පහ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ සෙසු කණ්ඩායම් හතරම පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා – අමෙරිකා තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතරකට රැස් කළ ලකුණු 123ට පිළිතුරු ලෙස අමෙරිකාව ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබා ගත්තේ ලකුණු 105කි. ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු මේ තරගයේදී පන්දු යැවීමේදී දක්ෂතා දක්වමින් ලකුණු 14කට කඩුලු තුනක් දවා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 123ක ප්‍රමාණය අභිබවා යාමට අමෙරිකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ පවර් ප්ලේ ඕවර හය තුළ ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 22ක් පමණක් ලබා සිටියේ සෙමින් ලකුණු රැස් කරමිනි.

අමෙරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු  ලබා ගත් ඩිෂා ඩින්ග්‍රා පන්දු 29කදී ලකුණු 28ක් රැස් කළේ හතරේ පහර හතරක් ද සමඟිනි. මීට අමතරව නායිකාව සින්ධු ශ්‍රීහර්ෂා පන්දු 31කදී හතරේ තුනක් සමඟ ලකුණු 27ක් ලැබුවාය. පූජා ෂා රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 20කි.

චමරිට (14/3) අමතරව උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් දවාලුහ.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. ගීටිකා කොඩාලි එවු ප්‍රථම ඕවරයේ අවසාන පන්දුව කඩුල්ලේ වැදීමෙන් ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු ලකුණු හතරකට දැවී ගියේ මුළු ලකුණු හයක් සඳහන් වද්දීය.

දෙවන කඩුල්ලට විශ්මි ගුණරත්න සමඟ හර්ෂිතා සමරවික්‍රම පන්දු 48කදී එක් කළ ලකුණු 49ත් සිව්වන කඩුල්ලට නිලක්ෂිකා ද සිල්වා සහ හංසිමා කරුණාරත්න පන්දු 47කදී රැස් කළ ලකුණු 43ත් ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවයන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබු පිතිකාරිණියන් දෙදෙනා වූ හංසිමා කරුණාරත්න සහ විශ්මි ගුණරත්න රැස් කළේ ලකුණු 25 බැගිනි.

විශ්මි ගුණරත්න පන්දු 22කදී හතරේ තුනක් සමඟ ලකුණු 25ක් ද හංසිමා කරුණාරත්න පන්දු 27කදී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 25ක් ද රැස් කළහ. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් ද (පන්දු 31යි හතරේ තුනයි) නිලක්ෂිකා ද සිල්වා 21ක් ද (පන්දු 16යි හතරේ එකයි) අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 15ක් ද (පන්දු 16යි හතරේ පහරයි) වැඩිම ලකුණු රැස් කළ සෙසු පිතිකාරිණියන් වේ.

 ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4ට 123යි (ඕවර 20යි) – (හංසිමා කරුණාරත්න නොදැවී 25, විශ්මි ගුණරත්න 25, හර්ෂිතා සමරවික්‍රම 23, නිලක්ෂි ද සිල්වා 21, අනුෂ්කා සංජීවනී නොදැවී 15, ෂාන්වි ඉමාධි 14/1, අඩිටිබා චුඩසාමා 22/1යි)

 අමෙරිකා කාන්තා කණ්ඩායම ඕවර 20දී කඩුලු 6ට 105යි – (ඩිසා ඩින්ග්‍රා 28,  සින්ධු ශ්‍රීහර්ෂා 27, පූජා ෂා 20, චමරි අතපත්තු 14/3, උදේශිකා ප්‍රබෝධනී 13/1, ඉනෝකා රණවීර 20/1යි)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee