slc
logo
Home   |    News
මැයි 20, 2024
23 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියත් තරග 2 ක් වැස්සට යටවෙයි

sinhala editor

දින 2ක විවේකයකින් පසුව අද පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 23 න් පහළ විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ වූ තවත් තරග 2 ක් වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දුවක් නොයවා අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරග දෙක අතහැර දැමීමත් සමඟ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන කියැවුණේ තරග 3 කදී එක් ජයක් සමඟින් දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 3.05 ක් රඳවා තබාගෙන සිටින කොළඹ කණ්ඩායම පළමු ස්ථානයේ රැඳෙමිනි. දඹුල්ල කණ්ඩායම මුහුණ දුන් තරග 3 න් 1 ක් තරගයක් දිනා දල ලකුණු 0.7 ක් ලබා එම සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.  මෙතෙක් තරග 3 කට බැගින් ක්‍රීඩා කර ඇති ගාල්ල සහ කැන්ඩි කණ්ඩායම් තවමත් එක් ජයග්‍රහණයක් හො ලබා නොමැති බැවින් ඔවුන් එම සටනේ පිළිවෙලින් තෙවැනි හා සිව්වැනි ස්ථාන වල පසුවෙති.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar