slc
logo
Home   |    News
ජූලි 13, 2024
ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්

sinhala editor

ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ.

පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව තරගාවලිය ආරම්භය සිදුවීමට යෙදී තිබුණේ ජූනි මස 26 වැනිදා වුවත් නව කාලසටහනට අනුව පළමු විස්සයි-20 තරගය ජූලි 27 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. දෙවැනි තරගය ජූලි 28 ත් තෙවැනි තරගය ජූලි 30 ත් පැවැත්වෙනු ඇත.

ජූලි මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය කණ්ඩායම එම විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව තරග වදිනු ලබන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියද මූලික කාලසටහනට වඩා දිනයක් පසුපසට ගොස් තිබේ.

ඒ අනුව පළමු එක්දින තරගය අගෝස්තු 02 වැනිදා ද දෙවැනි තරගය අගෝස්තු 04 වැනිදාත් තෙවැනි තරගය අගෝස්තු 07 වැනිදාත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දිනය තරගය වේලාව ක්‍රීඩාංගණය
ජූලි 27 පළමු විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලේකැලේ
ජූලි 28 දෙවැනි විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලෙකැලේ
ජූලි 30 තෙවැනි විස්සයි-20 තරගය ප.ව. 7.00 පල්ලෙකැලේ
අගෝස්තු 02 පළමු එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස
අගෝස්තු 04 දෙවැනි එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස
අගෝස්තු 07 තෙවැනි එක්දින තරගය ප.ව. 2.30 ආර්. ප්‍රේමදාස

 

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee