slc
logo
Home   |    News
අගෝස්තු 1, 2024
ආබාධ හේතුවෙන් එක්දින සංචිතයට අලුත් මුහුණු 2 ක් එයි

sinhala editor

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඇතුළත් කර සිටි මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක දෙදෙනා ආබාධවලට ලක්ව සිටින බැවින් ඔවුන් වෙනුවට නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ශිරාස් සහ එසාන් මාලිංග කණ්ඩායම් කැඳවා තිබේ. මොවුන් දෙදෙනාම තවම ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම හෝ ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති අයවලුන් වෙති.

ඔවුන්ට අමතරව කණ්ඩායමට ඉදිරි පෙළ පිතිකරු කුසල් පෙරේරා, ප්‍රමෝද් මදුෂාන් සහ ජෙෆ්රි වැන්ඩර්සි ද ශ්‍රී ලංකා පිලට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙරට අතර තරගාවලිය අගෝස්තු මස 02 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර තරග 3 ම දිවා/රාත්‍රී තරග ලෙසින් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

ඉන්දියාවට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි තරගයේදී පන්දු රැකීමට යෑමේදී මතීෂ පතිරණ ආබාධයකට ගොදුරු අතර මදුශංක පාදයේ ආබාධයකට ගොදුරුව සිටියි. මූලික සංචිතයට ඇතුළත්ව සිටි නුවන් තුෂාර ද පුහුණුවීම් අතරතුරදී ඇඟිල්ල තුවාල වීමකට ලක්ව සංචිතයෙන් ඉවත් කරනු ලැබීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee