slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2024
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලේ නායකත්වය සත්‍යා සංදීපනීට

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය සත්‍යා සංදීපනීට ලබාදී තිබේ. නායකත්වයට පත් වන විට ඇය 25 හැවිරිදි වියේ පසුවන්නීය.

රත්ගම දේවපතිරාජ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා ඇති සත්‍යා සංදීපනී, දකුණතින් පන්දු යවන දකුණතින් පන්දුවට පහර දෙන තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. ඇය එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි. ඇයගේ සහායිකාව වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 1 ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 ක් ක්‍රීඩා කරන ලද මල්ෂා ෂෙහානිව නම් කර තිබේ.

මීට අමතරව නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කන්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද කෞෂානි නුත්‍යාංගනා (විස්සයි-20 තරග 5 යි),  ඉමේෂා දුලානි (එක්දින තරග 3 යි විස්සයි-20 තරග 2 යි) සහ තාරිකා සෙව්වන්දි (එක්දින තරග 1 යි විස්සයි-2- තග 3 යි) ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව සිටිති.

බංග්ලදේශ කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 05 වැනිදා (අද) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප.ව. 3.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණෙන බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව නිල නොවන එක්දින තරග 2 කට සහ විස්සයි-20 තරග 5 කට සහභාගිවීමට නියමිතය. දෙරට අතර පළමු තරගය මේ මස 08 වැනිදා පනාගොඩදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වනු ඇත. තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් නිමාවට පත් වනු ඇත.  ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම – සත්‍යා සංදීපනී (නායිකා), කෞෂානි නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, පියමි වත්සලා, නිලක්ෂනා සඳමිනී, ඉමේෂා දුලානි, නෙත්මි සේනාරත්න, මල්ලකි මදාරා, දෙව්මි විහංගා, නිමාෂා මදුශානි, චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, තාරිකා සෙව්වන්දි, අමාධි විජේසිංහ, සඳලි වීරසිංහ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar