ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත් වු තරග පහෙන් තරග හතරකම පූර්ණ තරග ජයග්‍රහණ ලෙස වාර්තා විය. මීගමුව ක්‍රීඩා සමාජය, යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය සහ කොළඹ මැලේ ක්‍රීඩා සමා අද දිනයේ ජයග්‍රහණය අත්කරගත් කණ්ඩායම් බවට පත්වූහ.
සෙනසුරාදා නිම වු එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ද එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 183කින් ජයගත් හෙයින් මේ සති අන්තයේ පැවැති තරග හයෙන් පහකම විසඳුම් ලැබීම විශේෂත්වයකි.
අද නිමාවට පත් වු තරග අතුරින් මීගමුව ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 44කින් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයත් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය කඩුලු 8කින් රාගම ක්‍රීඩා සමාජයත් ලියෝ ක්‍රිකට් සමාජය කඩුලු අටකින් මොරටුව ක්‍රීඩා සමාජයත් කොළඹ මැලේ ක්‍රීඩා සමාජය කඩුලු දෙකකින් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් පරාජයට පත් කළහ.
පිතිකරුවන් දෙදෙනෙකු අද දිනයේත් ශතක වාර්තා කිරීමට සමත් විණි. යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ පළමු ඉනිමේ දී නිපුන් ගමගේ පන්දු 147ක දී හතරේ පහර 13ක් සමග ලකුණු 110ක් ද යුද හමුදා ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය අතර තරගයේ කැන්ඩි කස්ටම් කණ්ඩායමේ අවිඳු තීක්ෂණ පන්දු 233ක දී හතරේ පහර පහක් සමග ලකුණු 111ක් ද රැස් කරමින් මේ ශතක වාර්තා කළහ.
මීට අමතරව මොරටුව ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රීඩා සමාජය අතර තරගයේ මොරටුව කණ්ඩායමේ දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරු පුබුදු බණ්ඩාර ලකුණු 96ක් ද එම කණ්ඩායමේම චානක රුවන්සිරි ලකුණු 99ක් ද රැස් කළත් ඔවුනට අහිමි වුයේ පෙනී පෙනී තිබු ශතකයන්ය. මේ දෙදෙනාගේ සිව්වන කඩුල්ලේ ලකුණු 113 සබඳතාවය දීර්ඝතම සබඳතාවයයි.
පන්දු යැවීමේ දී මීගමුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මීගමුව කණ්ඩායමේ අමිත සංදීප දෙවන ඉනිමේදීත් ලකුණු 87කට කඩුලු හයක්ම දවාලුවේය. මේ පන්දු යවන්නා ප්‍රථම ඉනිමේත් ලකුණු තිහකට කඩුලු අටක් දවාලු හෙයින් ඔහු සම්පූර්ණ තරගයේ දී ලකුණු 117කට කඩුලු 14ක් ලබා විශිෂ්ට දස්කම් පෙන්වීය.
යුද හමුදා ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුද හමුදා දෙවන ඉනිමේ දී කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ උමේග චතුරංග ලකුණු 36කට කඩුලු හතරක් ද අවිඳු තීක්ෂණ ලකුණු 13කට කඩුලු තුනක් ද දවාලීම මත යුද හමුදා කණ්ඩායමට තරගය නිම වන විට දෙවන ඉනිමේ දී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 94ක් පමණකි.
- කොළඹ මැලේ ක්‍රිකට් සමාජය කඩුලු 2කින් ජය ගනී
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 70.1ක දී සියල්ල දැවී 301 – (තෙවිඳු දික්වැල්ල 113, වරුණ මයන්ත 92, ඉෂාන් අබේසේකර 34, පූර්ණ චාරුක 21, උවිඳු පෙරේරා 17, යේසිත් රූපසිංහ 54/4, සූදාර දක්ෂිණ 31/3)
කොළඹ මැලේ ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 42.2 දී සියල්ල දැවී 227 – (වෝෂිත අමරසිංහ 87, තිමිර මල්ෂාන් 77, යේසිත් රූපසිංහ 15, හිරන්ත ජයසිංහ 12, දිලංක අවුවාඩ් 59/5, ඉෂාන් අබේසේකර 35/3)
නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 60.1ක දී සියල්ල දැවී 209 – (සුමල්ක ප්‍රනාන්දු 60, ඉෂාන් අබේසේකර 33, තෙවිඳු දික්වැල්ල 27, පූර්ණ චාරුක 26, මයුර මල්ෂාන් 18, වරුණ මයන්ත 17, සුදාර දක්ෂිණ 30/4, යේසිත් රූපසිංහ 50/3, චානක දේවින්ද 62/2)
කොළඹ මැලේ ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 68ක දී කඩුලු 8ක් දැවී 286 – (තිමිර මල්ෂාන් නොදැවී 66, යේසිත් රූපසිංහ 64, කෙවින් සැමුවල් 42, ටෙරන් බාස්කරන් 34, චානක දේවින්ද නොදැවී 29, රවීන් තරිඳු 49/3, දිලංක අවුවාඩ් 72/3, මයුර මල්ෂාන් 34/1)
- මීගමුව ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 44ක ජයක්
මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 130ක දී සියල්ල දැවී ලකුණු 386 – (ඇන්ජලෝ ජයසිංහ 133, දිමුත් සඳරුවන් 85, උමේෂ් ලක්ෂාන් 37, පසිඳු තිරිමැදුර 37, හංසජ හිරුණ නොදැවී 30, පුළින තරංග 25, කවීන් ප්‍රනාන්දු 16, හෂාන් සංදීප 113/4, මනෙල්ක ද සිල්වා 44/2, මධුනක විජයතිලක 48/2)
සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 47.2ක දී සියල්ල දැවී ලකුණු 115 – (රුසිරු විලෝචන 20, මිරංග වික්‍රමගේ 17, මලිත හපුආරච්චි නොදැවී 18, අමිත සංදීප පෙරේරා 30/8, ධනුෂ්ක සඳරුවන් 32/2)
සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 79.2ක දී සියල්ල දැවී ලකුණු 227 – (මනෙල්ක ද සිල්වා 73, තරුෂ ප්‍රනාන්දු 30, මනුප මන්මිත 26, රුසිරු විලෝචන 23, අමිත සංදීප 87/6, ධනුෂ්ක සඳරුවන් 40/4)
- යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය කඩුලු 8කින් ජය ගනී
රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 68ක දී සියල්ල දැවී 187 – (කවිඳු රණසිංහ 65, රන්මිත් ජයසේන 38, හසිත් පෙරේරා 34, මලීෂ සිල්වා 15, තරූෂ් දමිඳු 45/4, දනෝෂ් ද සිල්වා 38/3, කවිඳු එදිරිවීර 64/2)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 74.3ක දී සියල්ල දැවී ලකුණු 265 – (නිපුණ ගමගේ 110, කවිඳු එදිරිවීර නොදැවී 43, ආදිත්‍ය සිරිවර්ධන 24, දෙනුවන් රාජකරුණා 23, දිල්ෂාන් කාංචන 15, විකුම් සංජය 55/3, උපුල් ඉන්ද්‍රසිරි 59/2, මලීෂ සිල්වා 17/2)
රාගම ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 44.5ක දී සියල්ල දැවී 133 – (සමීන් කඳනආරච්චි 57, කෙෂාන් ජයවික්‍රම 19, උපුල් ඉන්ද්‍රසිරි 17, දනෝෂ් ද සිල්වා 38/3, කවිඳු එදිරිවීර 69/5, තරුෂ් දමිඳු 24/2)
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 12.1ක දී කඩුලු 2ක් දැවී ලකුණු 58 – (දිල්ෂාන් කාංචන නොදැවී 34, සසංක නිර්මාල් 23, විකුම් සංජය 14/1)
- ලියෝ ක්‍රිකට් සමාජය කඩුලු 8කින් ජය ගනී
මොරටුව ක්‍රීඩා සමාජය පන්දුවාර 34.1ක දී සියල්ල දැවී 131 – (රශ්මික මෙවන් 72, පුබුදු බණ්ඩාර 16, පූර්ණ ප්‍රභාත් 14, මංගල ප්‍රදීප් 40/4, මල්ෂාන් ගුණසිංහ 18/3, සොනාෂ් ප්‍රනාන්දු 34/3)
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 115.4ක දී සියල්ල දැවී ලකුණු 369 – (හිරුන් සිගේරා 94, අෂේන් මෙන්ඩිස් 79, අකීල් ඉන්හම් නොදැවී 78, නෙත්ම කරුණාරත්න 32, අෂාන් ප්‍රනාන්දු 19, නවීන් කවිකාර 106/4, මෙතුෂාන් තිළිණ 45/2, ඉමේෂ් උදයංග 56/2)
මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 68.5ක දී සියල්ල දැවී ලකුණු 282 – (චානක රුවන්සිරි 99, පුබුදු බණ්ඩාර 96, උමේෂ් උදයංග 19, මංගල ප්‍රදීප් 73/3, ෂෙනාස් ප්‍රනාන්දු 54/3, ප්‍රවීන් ද සිල්වා 47/2, මල්ෂාන් ගුණසිංහ 77/2)
ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 6.3ක දී කඩුලු 2ක් දැවී ලකුණු 45 – (හිරුන් සිගේරා නොදැවී 36, අශ්මික මෙවන් 13/1)
- යුද හමුදාව – කැන්ඩි කස්ටම්ස් ජය පැරැදුමින් තොරව නිම වේ
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 99.2ක දී සියල්ල දැවී ලකුණු 379 – (ක්‍රිෂේන් අපොන්සු 122, පැතුම් දිල්ෂාන් 61, ජනිත් ද සිල්වා නොදැවී 50, සෙහද සොයිසා 45, මනුෂ්ක සමිත් 23, තිසර පෙරේරා 18, උමේග චතුරංග 123/5, යශෝධ මෙන්ඩිස් 54/4)
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 122ක දී කඩුලු 8ක් දැවී ලකුණු 406 – (අවිඳු තීක්ෂණ 111, යශෝධ මෙන්ඩිස් නොදැවී 54, මලිඳු මධුරංග 50, කවිෂ්ක මධුවන්ත 50, ප්‍රමේෂ් මධුභාෂණ 36, කවීෂ ඉඳුවර නොදැවී 33, අෂාන් රන්දික 33, සෙහද සොයිසා 117/3, මනුෂ්ක සමිත් 26/3, සීක්කුගේ ප්‍රසන්න 94/2)
යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 33.1ක දී කඩුලු 9ක් දැවී ලකුණු 94 – (අසේල ගුණරත්න 24, සෙහද සොයිසා 24, ඉෂාර මෙන්ඩිස් 17, තිසර පෙරේරා 13, උමේග චතුරංග 36/4, අවිඳු තීක්ෂණ 13/3)





