slc
logo
Home   |    News
පෙබරවාරි 15, 2023
NSL තරගාවලියේන් උපන් ‘තරුව’ – අහන් වික්‍රමසිංහ

sinhala editor

පන්දුවට  පහර දෙන  අවස්ථාවන්හි  පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක්  දක්වන්නේ දඟ  පන්දු  යවන්නන්ට මුහුණ  දීමට  යැයිද  නැෂනල් සුපර්  ලීග්  තරගාවලියේ  කැන්ඩි  කණ්ඩායම  නියෝජනය   කරන  21   හැවිරිදි   තරුණ  පිතිකරු  අහන්  වික්‍රමසිංහ සඳහන් කර සිටියි.

නැෂනල් සුපර්ලීග් තරගාවලියේ  පසුගිය  සති අන්තයේ   පැවැති   ජැෆ්නා  – කැන්ඩි සිව්දින  තරගයේදී කැන්ඩි  කණ්ඩායම   නියෝජනය  කළ   අහන්  වික්‍රමසිංහ  ප්‍රථම   ඉනිමේදී ලකුණු 101ක්ද දෙවන ඉනිමේදී  ලකුණු 77ක්ද රැස්  කරමින්    ඉනිම  දෙකේදී   කැන්ඩි කණ්ඩායමේ   වැඩිම ලකුණු ලාභියා බවට    පත්වි.ණි  මේ  තරගයේදී   කැන්ඩි   අංක  හය  පිතිකරුවා  ලෙසින්  පිටියට  පිවිසෙමින්  එම   කණ්ඩායමට   ශතකයක්   සහ  අර්ධ ශතකයක්  ඉනිම දෙකේදී ලබාගත් එකම පිතිකරුවා බවට  පත්වුයේද  අහන්‍ ය.

“මේ තරගාවලියේ අපට තව ඉතිරිව   තිබෙන්නේ  තරග  තුනක්  පමණයි.   මුලික  වටයේ  තරගයක්   අවසාන  පුර්ව  තරග  සහ  අවසාන  තරගය  එම  තරග  තුනයි.   අපගේ  අපේක්ෂාව   අවසාන  පුර්ව  තරගයට  හෝ  සුදුසුකම්  ලබා  ගැනීමටයි.  මා  පෞද්ගලිකව  තරගාවලිය  නිම වන විට  ලකුණු 700 – 750ලබා ගැනීමට අපේක්ෂා කරනවා” යැයිද අහන්  කියයි .

ජැෆ්නා කණ්ඩායම  සමග  පැවැති   තරගයේදී  දැක්වු   දක්ෂතා පිළිබඳ අදහස් දැක්වු  මේ  තරුණ  පිතිකරුවා තමා  එම  ඉනිම  දෙකේදී  සුපුරුදු විලසින් පන්දුවට පහර  දුන්  බවද  වැඩිපුර ලකුණු ලබාගත්තේ දඟ  පන්දු  යවන්නන්ගෙන්  බවද   කීය.

“මාගේ  ඉදිරි  අපේක්ෂාව  එමර්ජින් කණ්ඩායම සහ  ශ්‍රී ලංකා  ඒ කණ්ඩායම්  නියෝජනය කර දස්කම්  දක්වා  ජාතික  කණ්ඩායමට  ඇතුලු වීමයි. ඒ සදහා උපරිමයෙන්  පුහුණුව  ලැබීමට  අපේක්ෂා කරනවා”  යැයිද  ඔහු  පවසයි.

කොළඹ රාජකීය විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට  පිවිසි මේ දකුණත්  පිතිකරුවාගේ  පාසල්  වියෙහි  පුහුණුකරුවන්  වුයේ තිළිණ් කන්දම්බි  සහ  ජෙහාන් මුබාරක් ය. 2020 වසරේදී   ශ්‍රී ලංකා 19න්  පහළ  කණ්ඩායම  නියෝජනය කරමින්  ආසියානු 19න් පහළ ක්‍රිකට් තරගාවලියද  එංගලන්ත  සහ  කොදෙව් සංචාරයන්ට  සහ දකුණු අප්‍රිකාවේ  පැවැති 19න්  පහළ  ලෝක කුසලාන   තරාගවලියේදී අංක  තුන   හෝ   හතරවන   ස්ථානයන්හි  පන්දුවට   පහර දෙමින්   දක්ෂතා  දක්වා  ඇත

තරග කිහිපයකදී තමා  කණ්ඩායමේ  කඩුලු  රකින්නා  ලෙසද    කටයුතු  කර    ඇතැයි  පවසන අහන්  වික්‍රමසිංහ ඉදිරි  පෙළ  පිතිකරුවකු සහ  කණ්ඩායමේ කඩුලු  රකින්නා ලෙස   කටයුතු කිරීමට   ඉදිරියේදී  අපේක්ෂා කරන බවද  පවසයි.

අන්තර් සමාජ තරගාවලියන්හි  එන්.සී.සී  කණ්ඩායම නියෝජනය  කරන  අහන්  වික්‍රමසිංහ  එන්.සී.සී  කණ්ඩායම දිගටම  නියෝජනය කරමින් ජාතික  කණ්ඩායම්වලට  ඇතුලු  වීමට   අපේක්ෂා කරන  බවද  කියයි. කුඩා කළ  සිටම තම මව හා පියා  ක්‍රිකට් ක්‍රීඩාවට මාව යොමු  කිරීමට  උනන්දු කළ  බැව්  අහන්  පවසයි.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

USD United States (US) dollar