ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය සත්‍යා සංදීපනීට ලබාදී තිබේ. නායකත්වයට පත් වන විට ඇය 25 හැවිරිදි වියේ පසුවන්නීය.
රත්ගම දේවපතිරාජ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා ඇති සත්‍යා සංදීපනී, දකුණතින් පන්දු යවන දකුණතින් පන්දුවට පහර දෙන තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. ඇය එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි. ඇයගේ සහායිකාව වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 1 ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 ක් ක්‍රීඩා කරන ලද මල්ෂා ෂෙහානිව නම් කර තිබේ.
මීට අමතරව නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කන්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද කෞෂානි නුත්‍යාංගනා (විස්සයි-20 තරග 5 යි), ඉමේෂා දුලානි (එක්දින තරග 3 යි විස්සයි-20 තරග 2 යි) සහ තාරිකා සෙව්වන්දි (එක්දින තරග 1 යි විස්සයි-2- තග 3 යි) ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව සිටිති.
බංග්ලදේශ කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 05 වැනිදා (අද) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප.ව. 3.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණෙන බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව නිල නොවන එක්දින තරග 2 කට සහ විස්සයි-20 තරග 5 කට සහභාගිවීමට නියමිතය. දෙරට අතර පළමු තරගය මේ මස 08 වැනිදා පනාගොඩදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වනු ඇත. තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් නිමාවට පත් වනු ඇත. ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම – සත්‍යා සංදීපනී (නායිකා), කෞෂානි නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, පියමි වත්සලා, නිලක්ෂනා සඳමිනී, ඉමේෂා දුලානි, නෙත්මි සේනාරත්න, මල්ලකි මදාරා, දෙව්මි විහංගා, නිමාෂා මදුශානි, චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, තාරිකා සෙව්වන්දි, අමාධි විජේසිංහ, සඳලි වීරසිංහ.