slc
logo

කුසල්, දිමුත් සහ නිශාන් අර්ධ ශතක රැස් කරති. ශ්‍රී ලංකාව 314/4යි

බංග්ලාදේශයේ චිතගොං නගරයේදී අද (30) ආරම්භ වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක පසු වුයේ කඩුලු හතරකට ලකුණු 314ක් රැස් කර ගනිමිනි.  ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම දින තරගය නිම වන විට ප්‍රමාණවත් ලකුණු...

19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියාව අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තේරීම සඳහා ක්‍රීඩකයන් 16කගෙන් යුත් සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. යෞවන...

ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක්. රාජිත 56/5යි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය සමඟ සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය ලකුණු 328ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් කළේ තරගයේ සිව්වන දින සවස 1.30 වන විටය. සිව්වන දින (25) තරග ආරම්භයේදී සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින්...

කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත් වෙති

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි 20 සහ එක්දින තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17ක් ඇතුළත් වේ. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මේ ක්‍රීඩිකාවන්...

ශ්‍රී ලංකාව කඩුලු පහක් ඉතිරිව ලකුණු 211කින් ඉදිරියෙන්

සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (23) දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 119ක් ලබා සම්පූර්ණ තරගයේ මේ වන විට ලකුණු 211කින් ඉදිරියෙන් පසු වේ. ශ්‍රී ලංකා කණ්ඩායම...

ධනංජය සහ කමිඳු ශතක රැස් කරති. ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක

බංග්ලාදේශයේ සිලෙට් ක්‍රීඩාංගණයේ අද (22) ආරම්භ වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) ශතක රැස් කිරීමට සමත් විණි.  ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 280ක් රැස්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar